බුර්කිනා ෆාසෝ හි යුද හමුදා පොලිසියේ ආරක්ෂාව සහිතව සිවිල් වැසියන් ගමන් කළ රථ පෙළක් ඉලක්ක කරමින් එරට ඉස්ලාමීය් ත්රස්තයන් අද (18දා) එල්ල කළ ප්‍රහාරයකින් මරණ රැසක් සිදුව තිබේ.
බුර්කිනා ෆාසෝ හි වඩාත් අස්ථාවර කලාපයක් වන ගොර්ගාඩ්ජි සහ අර්බින්ඩා අතර මාර්ගයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පසු ජනාධිපති රොච් කබෝර් දින තුනක ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කළේය.
සිවිල් වැසියන් 30ක්, යුද හමුදා පොලිසියේ 14ක් සහ රජයට හිතවත් සටන්කාමීන් තිදෙනෙකු මිය ගිය අතර, ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලැබූ බව රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කෙසේ වෙතත් ආරක්ෂක හමුදාව සමල ඇති වූ ගැටුම්වලින් ත්රස්තයන් 58දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව එය තවදුරටත් පැවසීය.
අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ ත්රස්තයන් බුර්කිනා ෆාසෝ සහ අසල්වැසි මාලි සහ නයිජර් යන ප්‍රදේශවලට නිතිපතා ප්‍රහාර එල්ල කරන අතර මේ වසරේ පමණක් සිවිල් වැසියන් සිය ගණනක් එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.