සති කිහිපයක් තුළ දෙවැනි වතාවටත් ප්‍රංශයේ ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු විසින් ඉතා ම්ලේච්ඡ පිහි ප්‍රහාරයක් සිදුකර පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කියා සිටියේ ඉස්ලාමීය ත්‍රස්ත උමතුවෙන් ප්‍රංශය වෙලී ගොස් ඇති බවය.
ප්‍රංශයේ නීස් ප්‍රදේශයේ දේවස්ථානයකදී පුද්ගලයන් තිදෙනෙකු මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්වූ අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට පත්විය.
චාලි හෙබ්ඩෝ නමැති උපහාසාත්මක සඟරාවේ පළ වූ කාටූනයක් තම පන්තියේ සිසුන්ට පෙන්වූ උතුරු පැරීසියෙහි ගුරුවරයෙකු වන සැමුවෙල් පැටී පසුගිය ඔක්තෝබර් 16දා හිස ගසා මරා දැමුණේ ඔහු ඉගැන්වූ පාසල ආසන්නයේදීය. 18 හැවිරිදි චෙච්නියානු සරණාගතයෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබුණු අතර, ඔහු පොලිස් වෙඩි පහරින් මරා ඝාතනය කෙරිණි.
කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් පසුව ප්‍රංශ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් මුස්ලිම් ලෝකයේ විවේචනයට ලක්වූ අතර, ඇතැම් මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන ලෙස එරට නායකයන් මගින්ම කියා සිටියේය. එමෙන්ම නව කොරෝනා අවදානම්ද නොතකා දැවැන්ත උද්ඝෝෂණයන්ද සංවිධානය විය. නමුත් මෙහි උච්චතම අවස්ථාවක් ලෙස මෙම දෙවැනි ප්‍රහාරය හුවා දක්වන විදෙස් වාර්තා, ලෝක සාමය වෙනුවට එකිනෙකා දෙස වෛරය පැතිරවීමේ ප්‍රතිඵල අහිංසක සාමාන්‍ය වැසියන් ම්ලේච්ඡ ආකාරයෙන් බුක්ති විඳිමින් සිටින බව අවධාරණය කළේය.