ඉස්ලාමය යනු අද වනවිට ලොව පුරා අර්බුදයක් ඇති කර තිබෙන ආගමක් බවත්, මෙය අද ප්‍රංශයේදී පමණක් දකින දෙයක් නොවන බවත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසා තිබේ.
ඉස්ලාමයේ රැඩිකල්වාදයෙන් ඔබ්බට ගොස් ඉස්ලාමයම අර්බුදයක් ලෙස ප්‍රංශ ජනාධිපතිවරයා හැඳින්වීම සම්බන්ධයෙන් මුස්ලිම් ක්‍රියාකාරීන් මැක්රෝන්ගේ අදහස් දැක්වීම ගැන විවේචන එල්ල කර ඇතැයිද අල් ජසීරා පුවත් ඒජන්සිය පවසයි.
දීර්ඝ දේශනයකදී ප්‍රංශ නායකයා මෙම අදහස් පළ කර ඇති අතර, ප්‍රංශය තුළ ඇතිවන රැඩිකල්කරණය පිටුදැකීම සඳහා පනතකින් ක්‍රියාකරන බවද හෙතෙම පවසා තිබේ.
මිනිසුන්ට තමන් කැමති ඕනෑම ඇදහිල්ලකට අයත් වීමට නීතියෙන් අවසර දී ඇති නමුත් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන තුළ සහ රාජ්‍ය සේවයේදී ආගමික ස්වරූපය ප්‍රදර්ශනය කිරීම තහනම් කරන බව මැක්රෝන් පවසා සිටියේය.
හිජාබ් පැලඳීම දැනටමත් ප්‍රංශ පාසල්වල සහ රජයේ සේවා ස්ථානයේ තහනම් කර ඇත.