සමස්ත ප්‍රජා ප්‍රතිශක්තියක් ලබාගැනීම සඳහා ජනගහනයෙන් 60%ත් 70%ත් අතර ප්‍රමාණයකට කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණයක් අවශ්‍ය බව ආකෘති අධ්‍යයනයන් මගින් යෝජනා කර ඇති නමුත්, වෛරසය පරාජය කිරීම සඳහා ඉලක්කගත එන්නත් කිරීමක් අවශ්‍ය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධනායේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් ජිනීවා හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය කළේය.
වෛරසය ගෙනයාමට, සම්ප්‍රේෂණය කිරීමට හා පැතිරවීමට වැඩි ඉඩක් ඇති පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වඩාත් ඵලදායී එන්නත් ක්රමෝපායන් යොදාගත යුතුව ඇති බව වෛද්‍ය රයන් පැවසීය.
ප්‍රජාවක් හරහා රෝග ඒකාකාරව පැතිරෙන බවත්, සෑම කෙනෙකුගේම ආසාදනය වීමේ එක හා සමාන අවදානමක් තිබුණත්, නව කොරෝනා වෛරසය ඒකාකාරව පැතිරෙන්නේ නැති බව ඔහු සඳහන් කළේය.
"අනාරක්ෂිත අය වටා ආරක්ෂිත පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටිනවා නම් ඵලදායී ලෙස බාධකයක් තිබෙනවා. එන්නත් ලබා නොගත් සමහර අය වටා ආරක්ෂිත වැටක් තිබෙනවා. එන්නත් ලබා ඇති පුද්ගලයින්ගෙන් සුසැදි ආරක්ෂිත වැටක්. එබැවින් ඔබට සෑම කෙනෙකුම එන්නත් නොකර කොරෝනා පාලනය සහ මුලිනුපුටා දැමීම කළ හැකියි."
"මේ වෛරසය බොහොම අවස්ථාවාදියෙක්. මොකද මේ වෛරසය පැතිර යන්නේ විවිධ තත්ත්වයන් යටතේයි. විශේෂයෙන්ම බොහෝ පොකුරුවල අප දැක ඇති පරිදි එය අනෙක් අයට සම්ප්‍රේෂණය කරන්නේ 20%ක් වගේ පිරිසකුයි. අනෙක් 80% වෙනක් කිසිවෙකුට වෛරසය සම්ප්‍රේෂණය කරන්නේ නැහැ. වෛරසය අධික ලෙස පැතිරෙන සිදුවීම් (වැඩසටහන් හෝ උත්සව), ඇතැම් සන්දර්භයන් සහ සමහර කණ්ඩායම් මිශ්‍ර වී රෝගය පැතිර යා හැකි බව අපි දැක තිබෙනවා." වෛද්‍ය රයන් පෙන්වා දෙන්නේ ප්‍රතිපත්තියට අනුව සමස්ත සංඛ්‍යාවක් වැදගත් විය හැකි නමුත්, එන්නත ලබාගැනීම සඳහා ඉලක්කගත කණ්ඩායම් පිළිබඳව උපායමාර්ගික වීම වඩා වැදගත් බවය.
"එන්නත් ලබාදීමේදී ප්‍රජාවේ ඇතැම් කොටස් ඉලක්ක කර ගැනීම වඩා වැදගත් විය හැකි අතර, සම්ප්‍රේෂණයට සහභාගී නොවිය හැකි පිරිස් ඉලක්ක කර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ" ඔහු පැවසීය.
WHO හි ප්‍රතිශක්තිකරණ, එන්නත් සහ ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂක කැතරින් ඕ බ්‍රයන් සරම්ප පිළිබඳ උදාහරණය සමග රයන්ගේ අදහසට කරුණට එකතු කළේය. පසුගිය වසරේ ගෝලීය වශයෙන් සරම්ප පැතිරීම සඳහා භයානක වසරක් වූ බව ඇය පැවසුවාය.
"ඒ පැතිරීම් බොහෝමයක් සිදුවී ඇත්තේ සරම්ප එන්නත් කිරීම් සම්පූර්ණයෙන්ම පාහේ ආවරණය වූ රටවලයි" ඇය පැවසුවාය. "නමුත් එය වැදගත් වූයේ මුළු රටේම ආවරණය ගැන නොවෙයි. එය වැදගත් වූයේ උප ප්‍රජාවන් ගැන, උප ජාතික ආවරණය ගැනයි."