ඉරානයේ සෑම විනාඩි 10කට වරක් එක් ඉරාන ජාතිකයෙකු නව කොරෝනා වෛරසයෙන් මිය යන බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියනූෂ් ජහාන්පූර් අද (19දා) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යංශය ගෙවීගිය පැය 24 තුළ කොරෝන වෛසරයෙන් නව මරණ 149ක් තහවුරු කර ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 1,284ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වී පැය 24ක කාලයක් තුළ රට තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.
එමෙන්ම ගත වූ පැය 24ක කාලය කොරෝනා වෛරස ආසාදිතයන් 1,046ක් වාර්තා වී ඇති අතර, මේ සමග එම අගය 18,407ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය අලිරේසා රයිසි පැවසීය.