ඉරානයේ ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥයා ලෙස සැලකෙන මොහ්සන් ෆාක්රිසාඩේ ටෙහෙරානයට නැගෙනහිර දිස්ත්‍රික්කයේදී සැඟව සිට සිදුකළ ඇම්බුෂ් ප්‍රහාරයකින් සිය මෝටර් රථය තුළම ඝාතනයට ලක්ව තිබේ.
ඉරානයේ මතභේදාත්මක න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියා ලෙස සැලකෙන මොහ්සන් ගමන් කළ මෝටර් රථය ප්‍රහාරයෙන් බරපතළ ලෙස හානිවී ඇති ආකාරය ඡායාරූපවලින් දැකිය හැකිය.
මෙය මනුෂ්‍ය ඝාතනයක් ලෙස ඉරානය අවධාරණය කරයි. ඉරානයේ ආරක්ෂක ඇමති බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර් හටාමි කියා තිබුණේ, මුලින්ම සැඟව සිට වෙඩි තැබීමක් සිදුව ඇති අතර, පසුව මෝටර් රථය පිපිරීමකටද ලක්ව, යම් ගිනි ගැනීමකටද ලක්ව ඇති බවයි.
ඉරාන විදේශ ඇමති සරීෆ් මෙම ඝාතනය බියගුලු ක්‍රියාවක් ලෙස හඳුන්වා සිටියේ, ඝාතනය පිටුපස ඊශ්‍රායලයේ භූමිකාවක් පිළිබඳ බරපතල ඇඟවීමක් සමගිනි.
කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය මේ පිළිබඳ කිසිදු නිවේදනයක් මෙතෙක් නිවේදනය කර නැත.
ඉරාන හමුදාවේ නව තාක්ෂණික මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළ මොහ්සන්, වසර ගණනාවක් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්රමුඛ චරිතය විය.