ඉරානයේ මෑතකදී නව කොරෝනා වෛරස් ආසාදන වැඩිවීම හමුවේ ලබන සෙනසුරාදා සිට සති දෙකක කාලයක් තුළ රටේ නගර 100කට අධික සංඛ්‍යාවක දැඩි කොවිඩ්-19 සීමා පැනවීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය අලිරේසා රයිසි ප්‍රකාශ කළේය.
මෙම නමතම රතු සීමා යටතේ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ සේවාවන් වසා දැමිය යුතු වන අතර, මුඛ ආවරණ පැලඳීමද අනිවාර්ය කෙරෙයි.
ඉරානය ගෙවීගිය දිනයේ දෛනික නව කොරෝනා වෛරසය ආසාදිතයන් 11,203ක් වාර්තා කිරීමත් සමග මෙම නිවේදනය නිකුත් වී තිබේ. එය එරට දෛනිකව වාර්තා කළ ආසාදන සංඛ්‍යාවයි. මෙම ආසාදිතයන්ගෙන් 2,500ක් පමණ රෝහල්ගත කර ඇති අතර, සෙසු පිරිස් නිවෙස්වලම නිරෝධායනය කර තිබේ.
එමෙන්ම මෙම දිනය තුළ නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 452ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇති අතර, මේ සමග රටේ සමස්ත මරණ සංඛ්‍යාව 41,034ක් දක්වා ඉහළ ගොස් තිබේ. රට පුරා දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 5,642 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.