ඉරණමඩු ජලාශයට මිරිදිය මසුන් මුදාහැරේ
ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්රියගේ උපදෙස් මත57 වන සේනාංකයේ මග පෙන්විමෙන් 573 වන බළසේනාවේ බළසේනාධිපති ජනක රණසිංහගේ අධික්ෂණය යටතේ 15 වන ශ්රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් මුදාහැරිමේ වැඩසටහනක් ඊයේ (11) වන දින ආරම්භ කරන ලදි.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජලය පිටාර ගැලිමෙන් ජලාශයේ සිටි මත්සයින් විශාල වශයෙන් අඩුවි ඇති බැවින් ඉරණමඩු ධීවර සමිතිය විසින් කිලිනොච්චි යුධ හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව 57 වන සේනාංකය විසින් ශ්රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව මිරිදිය මසුන් 100,000ක් ඉරණමඩු ජලාශය වෙත මුදාහාරිමේ වැඩසටහනක් ක්රියාත්මක කරන ලදී.
එහි පළමු අදියර ලෙස එම ආයතනයේ සභාපති එස්එම්එම්පි සමරකෝන් මහතාගේ සහයෝගයෙන් 11 වන දින ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් 50,000ක් මුදාහැරිම සිදු කල අතර එහි දෙවන අදියර වශයෙන් මෙම මස 20 වන දින තවත් මිරිදිය මසුන් 50,000ක් මුදාහැරිමට නියමිතව ඇත.

popular news
-
Champa Friday, 12 April 2019 08:25 PM
හොඳ වැඩක්. හැබැයි ඔය මිරිදිය මසුන් අල්ලන එක තහනම් කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

