කොළඹ බණ්ඩාරනායක මාවත , කෙසෙල්වත්ත ,කොටහේන සහ දෙමටගොඩ යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 175 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා අප්‍රේල් 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
මෙම නිරෝධායන මධ්‍යස්ථාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.
මෙම ගුවන් හමුදා කඳවුර තුළ නිරෝධායනය වු පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු කාන්තාවන් 92 දෙනෙකු අයත් වුහ.
ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ සාර්ථකව නිරෝධායනය අවසන් වු පිරිස අද (11) දින ඉන් පිටත්ව යන ලදි.