කොරෝනා ආසාදිත බවට සැකපිට පරීක්ෂාවට බඳුන් වූ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක (නෙගට්ව්) බව ඔහුගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂ උපදේශක වෛද්‍ය සාෆර් මිර්සා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කළේය.
"අගමැතිවරයාගේ පරීක්ෂණය නෙගටිව් බව වාර්තා කිරීම ගැන මා සතුටු වෙනවා" එම ට්විටර් පණිවුඩයෙන් කියවුණි.
පාකිස්තානයේ ප්‍රකට දානපතියෙකු වන ෆයිසාල් එඩි පසුගිය අඟහරුවාදා කොවිඩ් -19 සඳහා ධනාත්මක (පොසිටිව්) බව ප්‍රකාශ කිරීමෙන් පසුව අගමැති ඛාන් පරීක්ෂා කිරීමට තීරණය විය. ඛාන් සහ එඩි ඊට දින හයකට පෙර පෞද්ගලිකව මුණගැසී තිබීම ඊට හේතුවයි.
පාකිස්තානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මේ වනවිට රට තුළ හඳුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 10,076ක් වන අතර, ඒ ආශ්රිත මරණ 212කි.