ඉමදුව ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී මල්ලිකා පද්මිණි මහත්මියගේ නිවසට පැමිණි පිරිසක් මන්ත්රීවරියට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙන් එම මන්ත්රීවරිය අහංගම ගොන්නගහහේන රෝහලට ඇතුලත්ව තිබේ.
ඊයේ (17) රාත්රි අටට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් පිරිසක් තමාට පහරදුන් බැව් මල්ලිකා පද්මිණී මහත්මිය සඳහන් කළාය.
මෙම සිද්ධිය හේතුවෙන් මන්ත්රීවරිය අහංගම ගොන්නගහහේන රෝහලට ඇතුලත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
