ඉන්ධන මිල සූත්රය අනුව ඊයේ (05දා) රාත්රියේ සිට ඉහළ දැමූ ඉන්ධන මිල යළි පහත දමන ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එසේම ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූයේද යන්න පිළිබඳවත් තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබියදී ජනාධිපතිවරයා නැවත එය පහළ දැමීමේදී ගත යුතු ක්රියාමාර්ගය කවරේද යන්නත් ගැන ආණ්ඩුව ප්රතිචාර දැක්විය යුතු බවද මන්ත්රීවරයා සඳහන් කළේය
