ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඩීසල් ලීටරයක් රුපියල් 09කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155කට, ඩීසල් ලීටරයක් රුපියල් 118කට සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129කට අලෙවි කිරීමට නියමිතය.
මෙම මිල වැඩි කිරීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල සමාන මිලකට ඉන්ධන අලෙවි කරනු ඇත.අද (10දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙන අතර, ඇමතිවරුන් කිහිප දෙනෙකු ඊට දැඩි විරෝධය පළකර ඇතැයිද වාර්තා වෙයි.

popular news
-
කපිල Tuesday, 10 July 2018 07:31 PM
දින පහකට වත් වැඩි කරපු තෙල් මිල අඩු කල ජනාධිපති තුමාට අපගේ ස්තුතිය. අපි දන්නවා පරගැතියන් හමුවේ ඔබතුමා අසරණයි කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

