පුත්තලම තිල්අඩිය හා රත්මල්යාය ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හමුවු බවත් මොවුන් මුල්ලේරියාව රෝහල වෙත යැවිමට කටයුතු කලබව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙසේ කොරෝනා ආසාධිතයින් බවට හදුනාගෙන ඇත්තේ පුත්තලම තිල්අඩිය හා අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්රමයේ පදිංචිව සිටි අවුරුදු 60 හා 65 වයසේ දෙදෙනෙකී.
මොවුන් ඉන්දුනිසියා ආගමික කටයුතු වලට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පිරිසේ මව්ලවිවරුන් දෙදෙනෙකු බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉන්දුනිසියා ආගමික කටයුතු සඳහා ගොස් පැමිණ සිටි පලමු කණ්ඩායමේ දස දෙනෙකු ගෙන් හත් දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට මේ වන විට වෛද්‍ය පරික්ෂණ වලදි සනාථ වි තිබේ.