ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරටට පැමිණ තිබෙන්නේ තනාපති සබඳතා ශක්තිමත් කිරීමට බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.
අද හම්බන්තොට පැවති වැඩසටහනකින් අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
තානාපති සම්බන්ධතා ඇති විදෙස් රටවල් සමග ශ්‍රී ලංකාව ගනුදෙනු කරන බවත් දිර්ඝ ඉතිහාසයක් සහිත අසල්වැසි රට සමග ද එලෙසම සබඳතා පවතින බවත් තවත් රටවල බොහෝමයක පිරිස් මෙරටට පැමිණ සිටින බවත් එලෙස පැමිණෙන අය අතර ඕපාදූප හොයන අය සිටිය ද ඉන්දීය විදේශ ලේකම්වරයා පැමිණ සිටින්නේ එවැනි කරුණකට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.