ඉන්දීය ව්‍යාපෘති කිහිපයක් මේ වසරේදී ඇරඹේ
ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතින් කිහිපයකම වැඩ කටයුතු මේ වසර තුළ දී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් විජේ කේශව් ගෝක්ලේ මහතා සමග ඊයේ (13දා) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අනාවරණය විය.
අරලියගහ මන්දිරයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන අවස්ථා වැඩි කරලීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කෙරෙන තාක්ෂණ හා වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් අතර, උතුරේ අවතැන් වූවන් උදෙසා ඉන්දීය සහය ඇතිව ඉදි කෙරෙන නිවාස යෝජනා ක්‍රම පිළිබඳව ද සාකච්ඡා විය.
උතුරේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරලීම සඳහා ඉදිරිපත් වීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව ද මෙහිදී අනාවරණය විය.
අත්අඩංගුවට පත්ව ඇති ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම හා ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක වන "සුවසැරිය" ගිලන් රථ සේවාව ලබා ඇති ප්‍රගතිය හා ප්‍රසාදය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

