ඉන්දියාවෙන් ගෙනා බවට සැක බීඩි කොළ කිලෝ 529ක් අත්අඩංගුවට
මන්නාරම නූර් වීදියේදී නීතිවිරෝධීව බීඩි කොළ කිලෝ 529ක් ප්රවාහනය කිරීමට සැලසුම් කොට තිබියදී ඊයේ (31) දින නාවික හමුදාව සහ මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම, නූර් වීදියේදී ජුම්මා දේවාස්ථාන පුජා භූමියේදී මෙසේ බීඩී කොළ කිලෝග්රෑම් 529ක් ලොරි රථයකින් ප්රවාහනය කිරීමට සැලසුම් කොට තිබියදී නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලීසිය විසින් මෙම බීඩී කොළ තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම් පොලිස් නිලධාරීන්ගේ වැටලීමත් සමග අදාළ බීඩී කොළ තොගය රැගත් ලොරි රථය මන්නරම, ජුම්මා දේවාස්ථාන පුජා භූමියේ දමා සැකකරුවන් පළාගොස් ඇති අතර අදාළ ලොරි රථයේ හිමිකාරීත්වය අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
අදාළ බීඩි කොළ තොගය ලොරි රථයට දමා එවා වැසෙන පරිදි මාළු පෙට්ටි අසුරා තිබී ඇති අතර අදාළ බීඩි කොළ තොගය ඉන්දියාවේ සිටි මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් අලෙවි කිරීමට සැලසුම් කොට තිබූ බවට මන්නාරම් පොලීසිය සැක පල කොට සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

