ඉන්දියාව තොරතුරු දුන් බව අගමැති තහවුරු කරයි
ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දියාව තොරතුරු ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.
තොරතුරු හුවමාරු කර ගැනීමට රට රටවල් නිරන්තයෙන් සිදුකරන්නක් බවද ඔහු ප්‍රකාශ කළේය. එසේම ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන ඇති බවට තොරතුරුවාර්තා වන බවත් ඔවුන් මෙම ප්‍රහාරය පසුපස සිටින බවට සැකයක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් සොයා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම ගැන හෙට දිනයේදී සළකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
එම්. ජේ Tuesday, 23 April 2019 09:11 PM
ඇත්තෙන්ම ඔබතුමන්ලට මේ කථාව ඉන්දියාවෙන් කියලා හරි තේරුනානම් ඒ ඇති. රට වැසියෙකු මට නම් මේ ඉන්දියාවෙන් ඇසිමට අවශ්‍ය නැත. මේ අදහස පල කරන මම රටේ මහ පොලොවේ පයල තියල ඇවිදින වැසියෙක්, අපි මේ ඉස්ලාම් අන්තවාදි කල්ලි ගැන දැනගෙන හිටියේ මිට වසර 7-8 ක කාලයක ඉඳලා. අපි මේ ගැන දැනගෙන හිටියත් අපට මේ ගැන කියන්න පසුබීමක් තිබුනේ නැ. කුමන නම් වලින් පෙනි සිටියත් ඉස්ලාම් අන්තවාදීන්ගේ ගේ අරමුණ පොදුයි. පසු ගිය වසර 7-8 කාලයේ මේ තත්වය විවිධ ආකාරයෙන් මතු වුනා. සිංහල මිනිස්සු මේ ගැන කුපිත වෙලා කැ ගහනකොට ඔබ තුමන්ලා ඒ මිනිස්සු ජාතිවාදින් කියලා හිර කරලා පොදු හඬ යටපත් කරා. මාධ්‍යයත් ඒකම කරා. අපි මාධ්‍ය වාර්තාවලට කොමෙන්ටුවකින් හරි අපේ අදහස කියන්න උත්සාහ ගන්න කොට අපිට ඒකටවත් මාධ්‍ය ඉඩ දුන්නේ නැ. ඔබලා දේශපාලකයින් මිස රටේ-ජාතියේ නායකයින් නොවේ! ඔබලාට ඇත්තේ දේශපාලන න්යායපත්ර - ත්රස්තවාදීන් සිටින්නේ ඔබලා සමගය, ඔවුන් නියෝජනය කරන්නේ ඔබලා නිර්මාණය කරපු පාදඩ දේශපාලනයයි. එහි ප්‍රතිපල අද රටම අත්විඳිමින් ඇත. කරුණාකර දැන්වත් රටේ ජාතියේ "අනාගතය" ගැන අබමල් රොදක් තරම්වත් සංවේදිවෙන්න, රටේ ජාතියේ "අනාගතය" සුරක්ෂිත කරන්න.
Reply : 0 5
Champa Wednesday, 24 April 2019 10:49 AM
ඉන්දියාව දීපු තොරතුරු ඉතාම සවිස්තරාත්මකයි. හිතා ගන්න බැරි තරම් නිවැරදියි. එච්චර නිවැරදි තොරතුරු තව්හීඩ් ජමාත් එකත් දැන හිටියද දන්නේ නැහැ. ඒ තරම් නිවැරදියි. බෝම්බ පුපුරන තැන් වල list එකත් ඉන්දියාවම දීල තියෙනව. ඒකයි හරීන්ගේ තාත්ත දැනගෙන හිටියේ කොච්චිකඩේ පල්ලියට ගහන බව. අනිත් එක indian media සහ CNN එක කියපු news හරියටම අර පොලිස් memo එකේ තිබ්බ ඒවාමයි. මේක පිටිපස්සේ ඉන්දියාව ඉන්නවා. LTTE එක පිටිපස්සේත් හිටියේ ඉන්දියාව.ඊළඟට ඇමරිකාවත් කොටස් කාරයෙක්. ලංකාව අනාරක්ෂිත වෙනකොට ඉන්දියාව බලවත් වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

