ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වීමට චීනයෙන් ලංකාවට සහාය
ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීන කොමියුනිස්ට් පක්ෂයේ හා එරට ජනතාවගේ පූර්ණ සහාය ලැබෙන බව චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ග්ඔ යෙඡු මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරම්භ කළ “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ මේ සඳහා අනුබල ලැබීමේ අවකාශයන් උදාවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍ය යෙඡු මහතා මේ අදහස් පළ කළේ අද (02දා) උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීය.
චීන කොමියුනිස්ට් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අතර දශක ගණනාවක් තිස්සේ පැවැත එන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
