ඔස්ට්‍රේලියාව ඉන්දියාවෙන් රට තුළට ඇතුළු වන ඕනෑම අයෙකු සිරගත කරන බවට යම් තර්ජනාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පසුගිය දින 14ක කාලය ඉන්දියාවේ සිටි ඕනෑම අයෙකුට සඳුදා සිට ඔස්ට්‍රේලියාව වැසෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේ යම් ලෙසකින් ඉදිරියේ කිසිවෙකු ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට ඇතුළු වුවහොත් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ පනත යටතේ වසර 5ක සිරදඬුවමක් නියම වනු ඇති බව සඳහන් වේ.
ෆෙඩරල් රජය පවසන පරිදි ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් 9,000ක් පමණ නැවත ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් වෙයි.