මහා පරිමාණ එන්නත් ලබාදීමේ සැලසුමට පෙර ඉන්දියාව විසින් කොවිඩ්-19 එන්නත් ලබාදීමේ පෙරහුරු වැඩසටහන් රටපරා දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
හදිසි භාවිතය සඳහා කොවිඩ්-19 එන්නත් දෙකක් විධිමත් ලෙස අනුමත කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති අතර, එකක් ඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත වන අතර, අනෙක දේශීයව සංවර්ධනය භාරත් බයෝටෙක් සමාගම නිපදවූ Covaxin එන්නතයි. මීට අමතරව, තවත් එන්නත් දෙකක් අනුමත කරමින් එන්නත් 4ක් සිය ලැයිස්තුවට ඇතුළත් කරගැනීමට ඉන්දියාව සූදානම් වෙයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනවලින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාවේ එන්නත් කිරීමේ සැලැස්මේ පළමු අදියර සමස්ත එක්සත් ජනපද ජනගහනය තරම්ම ආවරණය කිරීම එහි දැවැන්තබව මොනවාට කියාපාන්නකි.
මෙම පෙරහුරුව ඉන්දියාව පුරා ස්ථාන 286කදී පවත්වන ලද අතර, එහි මෙහෙයුම් මාර්ගෝපදේශ සමග සියලු මට්ටම්වල නිලධාරීන් හුරු කරවීම මෙහි අරමුණ බව සඳහන් වෙයි. එහිදී පුද්ගලික දත්ත සත්‍යාපනය කිරීම, සිසිල්දාම හා සැපයුම් කළමනාකරණය සහ රජයේ මෘදුකාංග භාවිතයෙන් තොරතුරු පද්ධති යාවත්කාලීන කිරීම වැනි කාර්යයන් පිළිබඳව සේවකයන් 114,100ක් පමණ පුහුණු කර ඇත.
කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ පළමු අදියරේදී, සෞඛ්‍ය සේවකයන්, පොලීසිය, සොල්දාදුවන් සහ වයස අවුරුදු 50ට වැඩි පුරවැසියන් සහ බරපතල සෞඛ්‍ය අවදානම් සහිත කණ්ඩායම් ඇතුළු මිලියන 300ක ජනතාවට එන්නත් ලබාදීමට බලධාරීන් අපේක්ෂා කරයි.