ඉන්දියානු පාර්ශ්වයෙන් නිශ්චිත ඉල්ලීම් ලැබෙන සැණින් ඉන්දියාවට සහාය ලබාදීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ගෙවීගිය දිනයේ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිත අගය මිලියන 17 ඉක්මවා ගොස් ඇති අතර, නව ආසාදිතයන් 352,991ක් වාර්තා වී ඇත්තේ දෛනිකව ආසාදිතයන් ලක්ෂ 3ක සීමාව අඛණ්ඩව ඉක්මවා ගිය 5 වැනි දිනය ලෙසිනි.
කොවිඩ්-19 වසංගතය ගෝලීය අභියෝගයක් බවත්, සියලු රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, කොවිඩ්-19 එන්නත් බෙදා හැරීම සඳහා ඵලදායී සන්නිවේදනයක් ඇති කරගත යුතු බවත් වැන්ග් පැවසීය.
එහිදී කොවිඩ්-19 එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව වැන්ග් වැඩිදුරටත් පැවසීය.