ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති අතර, දකුණු කර්නාටක ප්‍රාන්තයේ මහ ඇමති බී.එස්. යෙඩියුරප්පා ද වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය ෂා කියා සිටියේ, "නව කොරෝනා වෛරසයේ ආරම්භක රෝග ලක්ෂණ දක්නට ලැබීමෙන් පසුව, මම පරීක්ෂණය සිදු කර ධනාත්මක බව තහවුරු කරගත්තා" යනුවෙනි.
වෛද්‍යවරුන්ගේ උපදෙස් මත තමන්ව දිල්ලි රෝහලකට ඇතුළත් කර ඇති බව ඔහු සඳහන් කර තිබුණි. අමාත්‍ය කාර්යාලයට අනුව, ෂා අවසන් වරට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ජූලි 29 වන දින නවදිල්ලියේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී කැබිනට් රැස්වීමක් සඳහා සහභාගී වී තිබේ.
මේ අතර දකුණු කර්නාටක ප්‍රාන්තයේ මහ ඇමති බී.එස්. යෙඩියුරප්පා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ, "නව කොරෝනා වෛරසය සඳහා මගේ ධනාත්මක බව පරීක්ෂා කර තිබෙනවා. මා හොඳින් සිටින අතරම, වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පූර්වාරක්ෂාවක් ලෙස රෝහල්ගත කරනු ලැබුවා. මෑතකදී මා හා සම්බන්ධ වූ අය නිරීක්ෂණය කර ස්වයං නිරෝධායනය වන ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙනි.
මීට පෙර ඔහු ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා වෙනුවෙන් ඉක්මන් සහ සම්පූර්ණ සුවය ලබාගැනීම සඳහා ප්‍රාර්ථනා කරන ට්විටර් පණිවුඩයක්ද නිකුත් කළේය.
මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,750,723ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 37,364ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ පුවත්පත් තොරතුරු කාර්යාංශයට අනුව, රටේ දෙවනුවට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින්නේ කර්නාටක ප්රාන්තයේය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වැඩිම ආසාදිතයන් වාර්තාවන ස්ථානයයි.