ඉන්දියානු සෞඛ්‍ය ලේකම් රාජේෂ් භූෂාන් කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ කොවිඩ්-19 තත්ත්වය අතිශය භයන්කර ලෙස ඉහළ යමින් පවතින වාතාවරණයක මේ ආකාරයෙන් එරට සෞඛ්‍ය ලේකම්වරයාද වෛරසයට ගොදුරු වී තිබේ.
ඔහු බොහෝ අවස්ථාවල මුඛ ආවරණයක් පැලඳ සිටියත්, කතා කිරීමේදී සිය මුඛ ආවරණය පහළට ඇද කතා කරන දසුන් ඉන්දීය මාධ්‍යවල වැඩි වශයෙන් වාර්තා වී තිබුණේ, සෞඛ්‍ය ලේකම්වරයා වුවත් නියමිත සෞඛ්‍ය පුරුදු පිළිබඳ තැකීමක් නොකරන්නෙකු බව ප්‍රකට කරමිනි.