ඉන්දියාවේ ගෙවීගිය පැය 24ක කාලය තුළ මේ දක්වා එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිත පිරිස වාර්තා වී ඇති අතර, එම අගය දැක්වුණේ 6,568ක් ලෙසිනි.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය මෙම නව ආසාදිතයන්ද සමග මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිත අගය 124,794ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉන්දියාවේ ගත වූ දින 4ක කාලය තුළ ආසාදිත අගය 5,000 ඉක්මවා වාර්තා වූ අතර, ඉන් දින තුනකදීම ආසාදිත අගය 6,000 ඉක්මවා ගියේය.
මේ අතර ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ සංඛ්‍යාව 142කි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 3,726ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයට අනුව මේ වනවිට රට පුරා මිලියන 2.7කට වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් පවත්වා ඇති අතර, එරට වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 51,824කි.
මේ අතර පකිස්තානයේ සමස්ත ආසාදිත අගය 50,000 ඉක්මවා යමින් අද (23දා) උදෑසන වනවිට එම අගය 50,694ක් ලෙස වාර්තා විය.
පාකිස්තානයේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1,067ක් වන අතර, එරට වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 15,201කි.