ඉන්දියාව තුළ කොවිඩ්-19 වසංගතය පැතිර යාම ආරම්භ වූ දිනයේ සිට එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් පිරිස ඊයේ (02දා) වාර්තා වූ අතර, එම අගය 2,411කි.
දේශීය වේලාවෙන් අද (03දා) උදෑසන වනවිට ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 39,699ක් තහවුරු වී තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව මරණ 1,323ක් ඊට ඇතුළත්ය. සුවය ලැබූවන් 10,819ක් වාර්තා වෙයි.
ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයට අනුව සෙනසුරාදා වනවිට කොවිඩ්-19 සාම්පල 976,363ක් පරීක්ෂා කර ඇත.
මේ අතර, පාකිස්තානයේ ආසාදිතයන් සංඛ්‍යාව 19,022ක් ලෙස මේ වනවිට වාර්තා වන අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 440කි. සුවය ලැබූවන් 4,817කි.
බංග්ලාදේශයෙන් ආසාදිතයන් 8,790ක් වාර්තා වන අතර, එරට මරණ සංඛ්‍යාව 175කි. සුවය ලැබූවන් වාර්තා වන්නේ 177කි.