ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 76 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග එරටින් වාර්තා වන පළමු වැනි කොරෝනා මරණය ඊයේ (12දා) සිදුව තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ එම පුද්ගලයා ජනවාරි 29 සිට පෙබරවාරි 29 දක්වා සෞදි අරාබියේ සංචාරය කර පැමිණි අයෙකු බවයි.
ඉන්දියාවේ වාර්තා වූ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු වැනි මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකු බව කියයි.
මේ අතර, දැනට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවත් ඉන්දී්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.