ඉන්දියාවේ කොවිඩ්-19 පැතිරීම රටේ සමහර ප්‍රදේශවල යම් පාලනයක් දැකිය හැකි වුවද, ගෙවුණු සෙනසුරාදා මරණ 4,194කින් ඉහළ යමින්, එරට මහජන සෞඛ්‍ය සේවා හිඟය සහ දැනටමත් අධික ලෙස පැතිරී ඇති ග්‍රාමීය ප්‍රදේශවල තත්ත්වය උත්සන්න කර තිබේ.
මැයි මස මුලදී ඉන්දියාව දෛනිකව ආසාදන 400,000කට වඩා වාර්තා කළ නමුත්, එම සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී ඇත. සෙනසුරාදා රජයේ දත්ත මගින් නව ආසාදිතයන් 257,299ක් පෙන්නුම් කර ඇත.
පසුගිය සති දෙක තුළ මහාරාෂ්ට්‍ර සහ කර්ණාටක ප්‍රාන්තයේ ක්‍රියාකාරී සිද්ධීන් පහත වැටී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරි ලැව් අගර්වාල් වාර්තාකරුවන්ට පැවසීය. නමුදු මෑතකදී ප්‍රාන්ත මැතිවරණය අවසන් කළ බටහිර බෙංගාලය සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩු ඇතුළු ප්‍රාන්තවල දෛනික ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ඔහු පැවසීය.
රෝහල් පිරී ඉතිරී යාම, නගරවල සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වීම සහ එන්නත් හිඟය නිසා විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාසවලදී ඉන්දියාවට තුන්වැනි ආසාදන රැල්ලකට මුහුණ දීමට සිදුවන බවය.
මේ වනවිට රටේ සමස්ත ආසාදන මිලියන 26.3ක් වූ අතර එය එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවැනි ඉහළම අගය වන අතර රටේ මුළු මරණ සංඛ්‍යාව 295,525කි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රාන්ත බලධාරීන් වසංගතයට එරෙහිව කටයුතු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පුළුල් විවේචනවලට මුහුණ දී සිටින අතර, රට තුළ එන්නත් කිරීමේ මන්දගාමී වේගය තවත් ප්‍රධාන කරුණක් වී තිබේ.