ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාව විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 412,262ක් වාර්තා කර ඇත්තේ, වසංතය ආරම්භ වූ දා සිට ලෝකයේ ඕනෑම තැනක දෛනිකව වාර්තා වූ ඉහළම ආසාදිත අගය ලෙසිනි.
ඒ අනුව මේ දක්වා ඉන්දීය බලධාරීන් විසින් කොරෝනා වෛරසය ආසාදිතයන් 21,077,410ක් හඳුනාගෙන ඇත.
එමෙන්ම කොවිඩ්-19 ආශ්රිත මරණ 3,980ක් බ්‍රහස්පතින්දා වාර්තා වූ අතර, එය තවත් නව දෛනික වාර්තාවකි.
එමෙන්ම මෙය පැය 24 ක කාලයක් තුළ හඳුනාගත් මරණ සංඛ්‍යාව අඛණ්ඩව 3,000ක් ඉක්මවා ගිය වැනි දිනය වන අතර, අද වනවිට ඉන්දියාවේ වෛරසය වැලඳී ඇති 230,168දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාව දැන් සිටින්නේ දරුණු දෙවැනි ආසාදන රැල්ලකට මුහුණ දෙමිනි. පසුගිය දින 30 තුළ රට තුළ ආසාදිතයන් මිලියන 8.3ක් වාර්තා වී තිබේ. පසුගිය අප්‍රේල් 22දා සිට සෑම දිනකම ආසාදිතයන් 300,000කට වඩා වාර්තා කර ඇත.