ඉන්දියාවේ නව කොවිඩ්-19 ආසාදිතයන් 261,500ක් ගෙවුණු දිනයේ වාර්තා වූ අතර ඒ සමග රටේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 14,788,109ක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.
මෙය ඉන්දියාවේ මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය වන අතර, එරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 2ක් ඉක්මවා අඛණ්ඩව වාර්තා වූ සිව්වැනි දිනය මෙයයි.
විශාල ජන කණ්ඩායම් සහභාගී වන ආගමික උත්සව, සැණකෙළි, සංගීත ප්‍රසංග, දේශපාලන රැලි, වෙළෙඳ සැල්වල පොරකන මිනිසුන් ආදී වගකීමෙන් තොර හැසිරීම් ඉන්දියාව කොවිඩ්-19 වසංගතයේ මර්මස්ථානයක් බවට පත්කර තිබේ. මෙය පාලකයන්ගේ සිට ජනතාව දක්වා සියලු දෙනා පාඩමකට ගත යුතු තත්ත්වයකි.