ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ 314,835ක් ලෙස වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දා සිට ලොව පුරා රටකින් දෛනිකව වාර්තා වූ ඉහළම ආසාදන අගයයි.
එමෙන්ම රට තුළ වැඩිම දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ලෙස මරණ 2,104ක් එදින වාර්තා වී තිබේ.
විනාශකාරී වේගයකින් රට පුරා පැතිර යන දෙවැනි කොරෝනා රැල්ල මධ්‍යයේ ඉන්දියාව පුරා සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් බිඳවැටීමට ආසන්න බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 15,930,965ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සඛ්‍යාව 184,657කි.
පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 28%කට ආසන්න ප්‍රමාණයක් පැමිණියේ ඉන්දියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කළේය.