ගෙවීගිය දිනයේ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 349,691ක් වාර්තා වෙමින්, මේ දක්වා සමස්ත ආසාදිත අගය 16,960,172ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව එක් දිනක් තුළ ආසාදිතයන් 300,000කට අධික සංඛ්‍යාවක් අඛණ්ඩව ලියාපදිංචි වූ සිව්වැනි දිනය මෙයයි.
ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ගෙවීගිය පැය 24 තුළ මරණ 2,767ක් සිදුවී ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 192,311ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රට තුළ තවමත් ක්‍රියාකාරී රෝගීන් 2,682,751ක් සිටින අතර, සෙනසුරාදා වනවිට සක්‍රීය රෝගීන් 129,811කින් ඉහළ ගොස් තිබේ. මේ වනවිට රට පුරා රෝහල්වලින් පුද්ගලයින් 14,085,110ක් සුවපත් කර මුදාහැර ඇතැයිද පැවසෙයි.
කෙසේ වෙතත් ඉන්දියාවේ කොවිඩ්-19 සංඛ්‍යාලේඛන සෑම දිනකම ඉහළ මට්ටමක පවතී. සමහර පාසල් විභාග අවලංගු කර ඇති අතර අනෙක් බොහෝ කටයුතු කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් කල් දමා ඇත.