ඉන්දියාව ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 131,968 ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (09දා) නිවේදනය කරනු ලැබීය.
ඉන්දියාවේ නවතම වැඩිම දෛනික ආසාදන වාර්තාව මෙය වන අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් 13,060,542ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ නව කොවිඩ්-19 ආසාදිතයන් 100,000 කට වැඩි සංඛ්‍යාවක් මෙම සතිය තුළ අඛණ්ඩව වාර්තා වූ සිව්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර සඳුදා නව ආසාදිතයන් 103,558ක් වාර්තා වූ අතර, බදාදා නව ආසාදන 115,736ක්ද, බ්‍රහස්පතින්දා නව ආසාදන 126,789ක්ද වාර්තා වී තිබේ.
වසංගතය හේතුවෙන් ගෙවීගිය දිනයේ 780ක් පමණ මියගොස් ඇති අතර, ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 167,642 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.