ඉන්දියාවේ වාර්තා වන කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය චීනය ඉක්මවා දිනකට පසුව, ගෙවීගිය පැය 24 තුළදී එරට වාර්තාගත ආසාදිතයන් 4,987 දෙනෙකු වාර්තා වී තිබේ.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයට අනුව, අද (17දා) උදෑසන වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ 2,872ක් ඇතුළුව, නව කොරෝනා වෛරස ආසාදිතයන් 90,927ක් තහවුරු වී තිබේ. අවම වශයෙන් ආසාදිතයන්ගෙන් සුවය ලබා ඇති පිරිස 34,224කි.
ඒ අනුව ඉන්දියාව ගෙවීගිය දින දෙක තුළ තහවුරු වූ ආසාදිතයන් සමග සමස්ත ආසාදිත අගය 80,000 සිට 90,000 දක්වා ඉහළ ගොස් තිබේ.