උතුරු ඉන්දියාවේ, හිමාලයානු ග්ලැසියර කැබැල්ලක් ගඟකට වැටී විශාල ගංවතුරක් ඇතිවීමෙන් සිය ගණනක් අතුරුදන්ව ජීවිතක්ෂයට පත්ව ඇති බවට විශ්වාස කෙරෙයි.
උත්තරාකන්ද් ප්‍රාන්තයේ සිදුවූ මෙම හදිසි ගංවතුර ජලයෙන් වේල්ලක් කැඩී ඇති අතර, උත්තරාකන්ද් නිම්නයක් හරහා ජලය වේගයෙන් ගලා ගොස් තිබේ.
එහිදී ගම්මානවල ජනතාව ඉවත් කර ඇති නමුත් 125කට වැඩි පිරිසක් මෙම ගංවතුරට හසු වී ඇති බවට බලධාරීන් විශ්වාස කරයි.
මෙම විශාල ජල පහරට හසුව ජල විදුලි ජනනය සඳහා ඉදිකර තිබූ වේල්ලක් ගැලවී යන ආකාරය දැක්වෙන දසුන් සමාජ මාධ්‍යවල පළ වෙමින් තිබුණි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ තත්ත්වය නිරීක්ෂණය කරන බවත්, ඉන්දියාවම උත්තරාකන්ද් සමග සිටිමින් සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවයි.