කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ලෙන් දැඩිව පීඩාවට පත්ව ඇති ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල වෛරසයෙන් පෙළෙන පුද්ගලයන් සඳහා වෛද්‍ය උපකාර ලබාගත හැකි එකම ප්රභවය ග්‍රාමීය ඖෂධවේදියෙකුගේ පිහිට පමණක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
බොහෝ රෝහල්වල ඔක්සිජන් නොමැති අතර, ඇතැම් ගම්මානවලට එක් වෛද්‍යවරයකු හෝ නොමැති බව කියයි. ඔවුන්ට ආසන්නතම නගරයට යෑමට පැයකට අධික කාලයක් ගත වේ. එහිදී සමහර අසල්වැසි නගරවල සායන ඇතත් මෙම කුඩා පහසුකම්වල ඇඳන් හා හදිසි ප්‍රතිකාර සැපයුම් නොමැති බව කියයි.
ආසාදිතයන් හා මරණ ගොඩ ගැසෙමින් තිබියදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ, චෝගත් ගම්මානයක වැසියන් වෙනුවෙන් පිහිටට පැමිණි ජීතු නම් ඖෂධවේදියෙකු සිය අත්දැකීම් විස්තර කළේ මෙසේය.
"මෙහි කිසිවෙකු නැහැ. සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නෑ.වෛද්‍යවරයෙක් නෑ. හෙදියක් නෑ" ඔහු පැවසීය. "මේ ගමේ සෞඛ්‍ය පහසුකම් නෑ. ඒ නිසා මම සුදුසු යැයි පෙනෙන ආකාරයට මේ මිනිසුන්ට යම් පිහිටක් වෙන්න උත්සාහ කරනවා."
නමුත් ග්‍රාමීය ප්‍රාන්තවල සහ දුර බැහැර ගම්මානවල වෛද්‍යවරුන් සහ සායනවල සැපයුම ඊටත් වඩා අඩු මට්ටමක පවතින බව දැනගන්නට තිබේ.
චෝගත් හි 2011 දී අවසන් සංගණනයට අනුව දළ වශයෙන් 7,400ක් ජනතාවක් වාසය කරයි. මේ සතිය මුලදී ජීතු පැවසුවේ ගමේ කෝවිඩ්-19 ආසාදිතයන් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් සිටින අතර, ආසාදනවල මාරාන්තික වැඩිවීමක් දැකිය හැකි බවය.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවීගිය පැය 24 තුළ එරට කොවිඩ්-19 රෝගීන් 329,942ක් වාර්තා වූ අතර, ඒ සමග සමස්ත අසාදිතයන් 22,992,517ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් නව ආසාදිතයන් සංඛ්‍යාව 400,000කට වඩා අඩුවී ඇති දෙවැනි දිනය මෙයයි. ඉන්දියාව මීට පෙර දින හතරක් අඛණ්ඩව 400,000කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර තිබුණි.
රටේ අඟහරුවාදා මරණ 3,876ක් වාර්තා විය. අප්‍රේල් 28දා සිට දෛනික මරණ සංඛ්‍යාව 3,000ක් ඉක්මවා ඇති අතර, මේ වනවිට රටේ මුළු මරණ සංඛ්‍යාව 249,992කි.