ඉන්දියාව ගෙවීගිය දිනයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 4,454ක් වාර්තා කිරීමත් සමග, එරට සමස්ත මරණ සංඛ්‍යාව 300,000ක් ඉක්මවා ගොස් ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 303,720ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.
ගෙවීගිය දිනයේ ඉන්දියාවේ නව ආසාදිතයන් 222,315ක් වාර්තා කළ අතර එය පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ අඩුම ආසාදිත අගය වීමද වසංගතය පාලනය කිරීමේ යම් ප්‍රගතියක් බව කියැවෙයි.
ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 26,752,447ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.