ඉන්දියාව ගෙවුණු පැය 24 තුළ නව තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් 38,949ක් වාර්තා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සිකුරාදා පෙන්වා දී ඇති අතර, ඒ සමග රටපුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 31ක් ඉක්මවා තිබේ.
එමෙන්ම රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දැන් 412,531ක් බව එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.
අගෝස්තු මස අවසානයේදී ඉන්දියාව තුන්වැනි රැල්ලකට ගොදුරු වීමට ඉඩ ඇති බවත්, එය දෙවැනි රැල්ල තරම් තීව්ර නොවිය හැකි බවත් ඉන්දීය වසංගත රෝග විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.
"රටපුරා තුන්වැනි රැල්ලක් ඇතිවිය හැකි නමුත් එය දෙවැනි රැල්ල තරම් ඉහළ හෝ තීව්ර වනු ඇතැයි එයින් අදහස් කරන්නේ නැහැ" ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ වසංගත රෝග හා බෝවන රෝග පිළිබඳ අංශ ප්‍රධානී වෛද්‍ය සමිරාන් පැන්ඩා පැවසීය.