ලොව පුරා කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ අවදානම තවදුරටත් වැඩි කරමින් ලොව දෙවැනි වැඩිම ජනගහනය වෙසෙන ඉන්දියාවේ වෛරසය ආසාදිත පිරිස 100,000 සීමාව පසුකර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (19දා) උදෑසන වනවිට එරට ආසාදිතයන් සංඛ්‍යාව 100,328ක් ලෙස වාර්තා විය.
එමෙන්ම ඉන්දියාවේ වෛරසය ආසාදිතයන්ගෙන් පුද්ගලයන් 3,156ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් එරට ආසාදිතයන්ගෙන් 39,233 දෙනෙකු මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද දත්ත වාර්තා පවසයි.
ඉන්දියාවේ මහාරාශ්ට්ර ප්‍රාන්තය ආසාදිතයන් බහුල වශයෙන් වාර්තා වන ප්‍රාන්තය වන අතර, ගුජරාට් සහ තමින්නාඩු ප්‍රාන්තවලින්ද ආසාදිතයන් රැසක් වාර්තා වේ.