ඉන්දියාවේ කාබන් විමෝචනය දශක හතරකට පසු පළමු වතාවට පහත වැටී ඇත. කෙසේ වෙතත් එය ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තවීම නිසා රට අඟුලු දැමීමට ගත් ප්‍රථිඵලයම මත පමණක් වෙනස් වී නොමැත.
කාබන් බ්‍රීෆ් වෙබ් අඩවිය කරන ලද විශ්ලේෂණයකට අනුව කොවිඩ් වසංගතයට පෙරාතුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත ඇති ඉල්ලුම වැඩිවීමත්, ෆොසිල ඉන්ධන සඳහා ඇති ඉල්ලුම දුර්වල වීමත් මේ සඳහා හේතු වී තිබේ.
කෙසේවෙතත්, මාර්තු මාසයේදී හදිසියේම ඉන්දියාව අඟුලු දැමීම හේතුවෙන් වසර 37 කට පසුව කාබන් විමෝචනය අඩුවී තිබේ.
මාර්තු මාසයේදී ඉන්දියානු කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 15% කින් පහත වැටී ඇති බවත්, අප්‍රේල් මාසයේදී එය 30% කින් පහත වැටීමට ඉඩ ඇති බවත් අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.