කොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාව අගුලු දැමීම මැයි මස 31දා දක්වා දීර්ඝ වනු ඇතැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පසුගිය ඉරිදා, රට තුළ වැඩිම දෛනික ආසාදිතයන් පිරිස වාර්තා වූ අතර, ගෙවීගිය පැය 24 තුළ රෝගීන් 4,987ක් වාර්තා විය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ යටතේ, ඉන්දියාවේ අගුලු දැමීමේ සිව්වැනි අදියරේදී තීරණ ගැනීමට ප්‍රාන්තවලට සහ සන්ධීය බලප්‍රදේශවලට වැඩි බලයක් ලබාදෙනු ලැබේ.
ප්‍රාන්ත සහ සන්ධීය බලප්‍රදේශවල අන්‍යෝන්‍ය එකඟතාවයෙන් රට පුරා මගී වාහන සහ බස් රථ ගමන් කිරීමට ඉඩ නොදෙන ප්‍රදේශවල සීමා ලිහිල් කරනු ඇත. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සපයා ඇති පරාමිතීන් මත පදනම්ව, අදාළ ප්‍රාන්ත සහ සන්ධීය බලප්‍රදේශ පාලන ආයතන විසින් රතු, කොළ සහ තැඹිලි ලෙස සීමා කිරීමේ කලාප තීරණය කරනු ලැබේ.
ඉන්දියාවේ සමස්ත ආසාදිතය අගය අද (18දා) උදෑසන වනවිට 95,698ක් ලෙස ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය සටහන් කරන අතර, එරට කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද 3,000 ඉක්මවා යමින්, 3,025ක් ලෙස වාර්තා වෙයි.