මුලතිව්, වලයාලමඩම්, මුහුදු ප්‍රදේශයේදී විපතට පත් ඉන්දියානු ධීවරයින්ට අයත් යැයි සැක කෙරෙන යාත්‍රාවක් පෙරළී මුහුදු වෙරළ දෙසට ගොඩ ගසා ඇති අතර, අද (31දා) දිනයේදී අදාළ යාත්‍රාව ගොඩට ඇදීමේ කටයුතු සිදු කරන බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
වලයාල, මඩමු මුහුදු තීරයේදී පෙරළී ඇති අදාළ ඉන්දියානු බෝට්ටුව ආන්ද්‍රා ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට සැක පල කරන අතර, මුහුදු වෙරළ දෙසට පාවෙමින් ආ අදාළ බෝට්ටුව ඊයේ (30දා) සවස ධීවරයන් විසින් දැක ඒ පිළිබඳව අසල පිහිටි 68 වැනි සේනාංකයේ යුද හමුදා සෙබළුන් පිරිසකට දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදාවේ ට්‍රැක්ටරයක් යොදා ධීවරයන්ගේද සහය ඇති ගොඩට ඇදීමට උත්සහ දැරුවද එම උත්සහය අසාර්ථක වී තිබේ.
නමුත් අද (31දා) උදෑසන මුලතිව් පොලීසියේද සහය ඇතිව අදාළ යාත්‍රාව ගොඩට ඇදීමට පියවර ගෙන ඇති අතර, පෙරළුන බෝට්ටුවේ සිටි ධීවරයින් පිළිබඳව මේ වන තුරුත් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද, බෝට්ටුව පෙරළීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ