ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට අනුව එක්සත් රාජධානියෙන් ආපසු පැමිණි මගීන් හය දෙනෙකු තුළ නව කොවිඩ්-19 නව ප්‍රභේදය සොයාගෙන තිබේ.
රෝගීන් හයදෙනාම හුදෙකලා වී ඇති අතර ඔවුන් සමග සම්බන්ධ වූ සියලුම දෙනා දැනට නිරෝධායනය යටතේ සිටියි.
"මේ සියලු දෙනා අදාළ ප්‍රාන්ත රජයන් විසින් නම් කරන ලද සෞඛ්‍ය සේවා පහසුකම්වල තනි කාමරවල හුදකලාව තබා තිබෙනවා." සෞඛ්‍ය අමාත්‍යාංශය ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පසුගිය සතියේ ඉන්දීය රජය එක්සත් රාජධානියට සහ ඉන් පිටත සිට දෙසැම්බර් අවසානය දක්වා සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
මේ අතර, මූලික පරීක්ෂණ වලින් පෙනී යන්නේ එක්සත් රාජධානියේ කොවිඩ්-19 නව ප්‍රභේදය පාකිස්තානයේදී අනාවරණය වී ඇති බවය.
පාකිස්තානයේ සින්ද් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව එක්සත් රාජධානියේ කොවිඩ්-19 නව ප්‍රභේදයට සම්බන්ධ සිද්ධීන් තුනක් අනාවරණය වී ඇතැයි පාකිස්තානය පවසයි.
"එක්සත් රාජධානියේ නැවත පැමිණි තිදෙනෙකුගේ සාම්පල, පළමු අදියරේදී එක්සත් රාජධානියේ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට 95%ක ගැලපීමක් පෙන්නුම් කරනවා." යනුවෙන් සින්ද් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අඟහරුවාදා ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එක්සත් රාජධානියේ නැවත පැමිණෙන්නන් 12 දෙනෙකු පරීක්ෂා කර ඇත. පුද්ගලයන් 12 දෙනාගෙන් හය දෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ අතර, ඉන් තිදෙනෙකු මෙසේ එක්සත් රාජධානියේ නව ප්‍රභේදය පෙන්නුම් කර ඇත.
මෙය නිල වශයෙන් තහවුරු වුවහොත්, පාකිස්තානයේ නව කොවිඩ්-19 ප්‍රභේදය පළමු වරට අනාවරණය වූ සිද්ධීන් බවට මෙය පත්වනු ඇත.