ඉන්දියාවට අයත් ශ්රී ලංකාවේ පිහිටි යකඩ හා වානේ කර්මාන්තශාලාවල සේවය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් 154 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත අද දින දහවල් රැගෙන ගොස් තිබේ .
මෙම ඉන්දීය ජාතිකයන් කොළඹ පිහිටි මෙම කර්මාන්තශාලාවල සේවය කිරීම සදහා සිය අඹුදරුවන් ද සමග මෙරටට පැමිණ තිබුණි .
මෙම ඉන්දීය ජාතිකයන් 12 දෙනෙකු ව්යාපාරික පංතියේත් , තවත් 141 දෙනෙකු ව්යාපාරික පංතියේ සහ කුඩා දරුවෙකුත් මේ පිරිසට එක් වී සිටියහ .
මෙම පිරිස රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.1284 දරන විශේෂ ගුවන් යානය අද දින දහවල් 1.27 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ .