ඉන්දියාවේ වේගයෙන් පැතිරයන කොරෝනා විශේෂය වන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සමාජය තුළින් හමුවී තිබේ.
කොළඹ දෙමටගොඩින් ලබාගත් සාම්පල තුළ එම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පහක් හමුවූ බව කොරෝනා නව වෛරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
ඉන්දීය ඩෙල්ටා ප්‍ර භේදය මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තාවුවත් ඒ වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකකිනි. ඒ අනුව ඉන්දියාවේ වෛරස ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ඔහු සඳහන් කළේය.
මෙම ඉන්දීය වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍ය ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නා බවත් ඉන් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩි බවත් චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හමු වී ඇත්තේ කොළඹ 6, කොළඹ8 ,කොළඹ 10 ,මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලිනි.