මෙරට මුහුදු සීමාවේ පවතින යාපනයට නුදුරින් පිහිටි කච්චතිව් දුපතේ ඉන්දීය ධීවරයින් විසින් ධීවර කටයුතුවල නිරත වීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි ක්‍රියාවක් බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.
යාපනය කච්චතිව් දුපත ආශ්රිත මුහුදේ ධීවර කටයුතු සඳහා පැමිණි ඉන්දීය ධීවරයින් 5,000ක් පමණ නාවික හමුදාව විසින් ආපසු හරවා යැවු බවටද නාවික හමුදාව බෝට්ටු කිහිපයක් තිබු ධීවර ආම්පන්න සහ දැල් පැහැරගෙන ඇති බවද ඉන්දීය ධීවරයින් හා දකුණු ඉන්දියාවේ විවිධ සංවිධාන මගින් නාවික හමුදාවට චෝදනා එල්ල කරයි.
නමුත් මේ පිළිබඳව නාවික හමුදාව පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් කච්චතිව් දූපතේ ධීවර කටයුතුවල නිරත වීමට සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි බවත් ඉන්දීය ධීවරයින්ට කච්චතිව් දූපත වෙත පැමිණිය හැකි වන්නේ ධිවර දැල් සහ ආම්පන්න වෙලා ගැනීමට හෝ විවේකිව ගත කිරීමට පමණක් බවටය.
නමුත් ඉන්දීය ධීවරයින් සංවිධානාත්මකව කච්චතිව් දූපත ආශ්රිත ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමට උත්සාහ ගන්නා බවද එහිදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.