ඉන්දියාවේ දැනට පවතින කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ල මැයි මස මැද භාගයේ උපරිමයට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ..
කොවිඩ්-19 සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ප්‍රාන්තවල මහ ඇමතිවරුන් අතර පැවති රැස්වීමකදී ඉදිරිපත් කරනලද පුරෝකතනයකින් පෙනී ගියේ මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ප්‍රාන්ත සහ අගනුවර වන නවදිල්ලියෙන් පසුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ප්‍රධාන උණුසුම් ස්ථානයක් වනු ඇති බවයි.
මෙම උපරිම කොවිඩ්-19 ආසාදන මට්ටම කරා ළඟා වනවිට, ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 500,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජුනි සහ ජූලි අතර කාලයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇති බව විශ්වාස කෙරෙයි. මෙහි භයානක තත්ත්වය වන්නේ මෙය එරට රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටෙන තත්ත්වයක් වීමයි.
මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරිදා පැවති රැස්වීමේදී ෆෙඩරල් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් මෙම පුරෝකථන ඉදිරිපත් කරන ලද අතර එහිදී නිලධාරීන් පවසා සිටියේ, විශාල ජනගහනයක් සහිත ප්රාන්තයන් විශේෂයෙන් අවදානමට ලක්ව ඇති බවත්, ප්‍රාන්තවල සෞඛ්‍ය යටිතල පහසුකම් මෙම ආසාදන රැල්ල සමග කටයුතු කිරීමට ප්‍රමාණවත් නොවන බරපතළ වාතාවරණයක් ඇති කර තිබෙන බවත්ය.
ඉන්දියාවේ කොවිඩ්-19 තත්ත්වය අඛණ්ඩව ඉහළ යමින් පවතිනඅ තර, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ෆෙඩරල් රජය විසින් සම්පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයන් වෙත යෑමටද මේ වනවිට තීරණය කර තිබේ.
ඉන්දියාවේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය ලොව බොහෝ රටවලට කොවිඩ්-19 වෛරසයේ අවදානම මනාව අවබෝධ කරගැනීමට ලැබෙන අවස්ථාවක් වන අතර, මුඛ ආවරණ භාවිතය, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය හැකි උපරිම ආරක්ෂා කිරීම ආදී වගකීමෙන් යුතු හැසිරීම තුළ වසංගතය පාලනය කරගත හැකිවනු ඇත. එමෙන්ම එන්නත්කරණයද ශීඝ්‍ර කිරීම වඩාත් වැදගත් සාධකයක් බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයන්ගේ මතය වී තිබේ.