ගෙවීගිය පැය 24 තුළ ඉන්දියාව විසින් කොවිඩ්-19 ආසාදිතයන් 5,242ක් වාර්තා කරමින්, දෛනිකව මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත පිරිස වෙත ළඟාවී තිබේ.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයට අනුව ඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ 3,029කි.
මුම්බායි හි නිජබිම වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම අගය ආසාදිතයන් 33,053කි. එමෙන්ම එම ප්‍රාන්තයේ මරණ 1,198ක් වාර්තා වී තිබේ.