ඉන්දියාවේ ගතවූ දිනයේ වාර්තාගත නව කොවිඩ්-19 ආසාදිතයන් 152,879ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම නව දෛනික මරණ සංඛ්‍යාව 839ක් වූ අතර මාස පහකට වැඩි කාලයක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 169,275ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 13.35කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙමින් ලොව තුන්වැනි ස්ථානයට වැඩිම ආසාදිතයන් සිටින රට බවට පත්ව ඇති අතර බ්‍රසීලය හා එක්සත් ජනපදය ඊට ඉදිරියෙන් සිටියි.