ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය සති අන්තයේ අගුලු දමා කොවිඩ්-19 ආසාදන ඉහළ නැංවීම පාලනයට කටයුතු කරන බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඊයේ (15දා) පැවසීය.
සාප්පු සංකීර්ණ, ජිම්, ආපනශාලා සහ මෙන්ම ඇතැම් වෙළෙඳ පොළවල් සති අන්තයේ වසා තබන අතර අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ක්‍රියාත්මක වන බව කෙජ්රිවාල් පැවසීය.
ඉන්දියාවේ දෛනික කොරෝනා වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව දින දහයක් තුළ දෙගුණයකින් වැඩිවීමත් සමග ඊයේ දිනයේ නව ආසාදන 200,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මෙම සතිය මුලදී, එය බ්‍රසීලය අභිභවා ගොස් ලොව දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින රට බවටද පත්විය.